09 May 2025


වගා නොකළ ඉඩම්වල කඩිනමින් වගා කිරීමට විශේෂ වැඩපිළිවෙළක්



වගා නොකළ ඉඩම් කඩිනමින් වගා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.

එහි කොමසාරිස් ජෙනරාල් රෝහණ රාජපක්ෂ සඳහන් වගා නොකළ කුඹුරු ඉඩම් වගා කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු කර ඇති බවයි.

'එක මිටට ගොවි බිමට' වැඩසටහන යටතේ දිවයින පුරා කළ සමීක්ෂණයේදී වගා නොකළ කුඹුරු ඉඩම් අක්කර 68,000කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා.
 
එම සමීක්ෂණයේදී වගා නොකළ ගොඩ ඉඩම් 29000කට අධික ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම වසර 40ක් පුරන්ව පවතින කුඹුරු ඉඩම්වල ඒ අනුව ස්ථිර භෝග වගා කිරීමට සැලසුම් කර ඇති බව රෝහණ රාජපක්ෂ සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ කුඹුරේ ස්වභාවය අනුව කෙටි කාලීන බෝග හා වාර්ෂික බෝගද කුඹුරු ඉඩම්වල වගා කිරීමට අවසර ලබා දෙන බවයි.

එමෙන්ම ඊට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛයක් නුදුරේදීම නිකුත් කිරීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)