පර්යේෂණාත්මක මට්ටමේ පවතින ඖෂධයක් මඟින් Alzheimer රෝගයට හේතුවන රෝගකාරක අඩපණ කරන බව පරීක්ෂකයින් පිරිසක් පවසනවා.
මේ සඳහා දැනට සිදුකරන ප්‍රතිකාර හේතුවෙන් ඇතැම් රෝගීන් අතුරු ආබාධ රැසකට මුහුණ දෙන අතර, මෙම ඖෂධය හරහා එම තත්ත්වය මගහරවා ගත හැකි බව සඳහන්.
එක්සත් ජනපදයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් වන Eli Lilly සමාගම විසින් විශේෂ නිවේදනයක් සිදු කරමින් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදුකළා.
ඒ අනුව Alzheimer රෝගයේ මුල් අවධියේ සිටින රෝගීන් 1,200ක් පමණ යොදා ගනිමින් මෙම ඖෂධය අත්හදා බලා තිබෙනවා.
ඔවුන්ට මාස 18ට කාලයක් ප්‍රතිකාර කර ඇති අතර එහිදී රෝගකාරක වලින් 35%ක ප්‍රමාණයක් අඩපණ කිරීමට ඖෂධය සමත්වී තිබුණා.
Alzheimer රෝගය යනු මොළයේ තිබෙන සෛල වලට බලපෑම් කරන රෝගයක් වන අතර, මෙහි ආරම්භක අවධිය මතකය නැතිවීමට පටන් ගැනීම බව සඳහන්.
(colombotimes.lk)