colombotimes.lk
සිංහල | English

21 October 2024


"උණ" ගැන පාර්ලිමේන්තුවේ කතාවක්



ශ්‍රී ලංකාවේ උණ බම්බු කර්මාන්තය සංවර්ධනය කිරීමට කඩිනම් අවධානය යොමු කර නව රැකියා අවස්ථා ඇති කිරීමට සහ විදේශ විනිමය උත්පාදනය කිරීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා පවසනවා.

මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේ, උණ ශාකය ප්‍රවාහනය සඳහා අවසර ලබා දීමේ ක්‍රියාවලිය සරල කිරීම හෝ ඉවත් කිරීම ඇතුළු නීති ලිහිල් කිරීමට කටයුතු කළ යුතු බවයි.

උණ ශාක වගාව ව්‍යාප්ත කිරීමට කෘෂිකර්මාන්තය හෝ වෙනත් කටයුතු සඳහා යොදාගනු නොලබන රජයේ ඉඩම් භාවිතා කිරීමෙන් මෙය සිදුකළ හැකි බව ද ඔහු පෙන්වා පෙන්වා දුන්නා.

ඉන්දියාව හා බොහෝ අසල්වැසි රටවල් උණ ශාකය “කාර්මික භෝගයක්” ලෙස හඳුනාගෙන ඒ සඳහා ඇති සීමා අවම කර ඉහළ ආයෝජනයන් මඟින් වැඩි ප්‍රතිලාභ ලබා ගනිමින් සිටින බවද යදාමිණි මන්ත්‍රීවරයා සඳහන් කළා.
(colombotimes.lk)