18 October 2025

logo

රෝගී දරුවන් පෙන්වා මුදල් ගරන ජාවාරමක් හෙළිවෙයි



පිළිකා සහ වකුගඩු රෝගී දරුවන්ගේ ඡායාරූප භාවිතා කරමින් මුදල් ඉපැයීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ Facebook ගිණුම්වල තබන සටහන් උපයෝගී කරගනිමින්, සැකකරුවන් අදාළ ජාවාරම සිදුකර ඉන් උපයන මුදලින් මත්කුඩු පානය කරන බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවයි.  

පිළිකා සහ වකුගඩු රෝගී දරුවන්ගේ රුව භාවිතා කරමින් මෙම පිරිස ව්‍යාජ Facebook ගිණුම් පවත්වාගෙන යමින් මෙම ජාවාරමෙහි නිරත වී තිබෙනවා. 

මෙම එක් ගිණුමක පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන්ට උපකාර අවැසි බව පවසමින් පෝස්ට් පළකර තිබූ අතර ඒ පිළිබඳ සංවේදී වූවන් මූල්‍ය පරිත්‍යාග සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ. 

නමුත් අදාළ දරුවන්ගේ ඥාතීන් Facebook සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එම පෝස්ට් දැක ඒ පිළිබඳ සොයා බලා ඊට සටහන් තැබූ පුද්ගලයන් කර තම දරුවාට උපකාර අනවශ්‍ය වන බව සටහන් කර තිබෙනවා. 

වංචනික ලෙස ආධාර එකතු කරන පුද්ගලයන් කිහිපදෙනෙක්ට අයත් facebook ගිණුම් 6ක් මේ වන විට හඳුනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 


(colombotimes.lk)