26 September 2025

logo

සජිත්ගේ වත්කම් ගැන පරීක්ෂණයක් ඉල්ලා පැමිණිල්ලක්



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සහ ඔහුගේ පවුලේ අයගේ වත්කම් බැරකම් පිළිබඳ සොයා බැලීමක් සිදු කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අල්ලස, දූෂණය සහ නාස්තියට එරෙහි සංවිධානයේ කැඳවුම්කරු කාමන්ත තුෂාර විසින්.

ඔහු සඳහන් කළේ ඔවුන්ගේ වත්කම් බැරකම් පිළිබඳ සොයා බලා ඒවා නිසි පරිදි ඉදිරිපත් කර නොමැති නම් නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන හා චාමර සම්පත් දසනායක යන පුද්ගලයන්ගේද වත්කම් බැරකම් පිළිබඳ සොයා බලා කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කළා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ කෙහෙළිය රඹුක්වැල්ලට මෙන් ඔවුන්ටද නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

(colombotimes.lk)