පාකිස්ථානය සහ ඇෆ්ගනිස්තානය පැය 48ක තාවකාලික සටන් විරාමයකට එකඟ වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාකිස්ථාන වේලාවෙන් ඊයේ (15) සවස 6 සිට පැය 48ක කාලයක් සඳහා මෙම සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට දෙපාර්ශවය එකඟ වූ බවයි.
පාකිස්ථාන ඉල්ලීමක් මත මෙම සටන් විරාමයට සිය එකඟතාව පළකළ බව තලේබාන් පරිපාලනය පවසනවා.
ඇෆ්ගනිස්ථාන - පාකිස්ථාන දේශසීමාවේ ඇතිවී තිබෙන මෙම ගැටුම් හේතුවෙන් මේ වන විට දෙපාර්ශවයේම සිවිල් වැසියන්, හමුදා සාමාජිකයන් ඇතුළු 200කට අධික සංඛ්‍යාවක් ජීවිත්‍යක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)