30 January 2026

logo

විපක්ෂයේ පක්ෂ නායකයන් හදිසියේ රැස්වෙයි



විපක්ෂයේ පක්ෂ නායකයන් අද (08) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් හමුවී තිබෙනවා.

ඒ පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදීයි. 

ඉදිරි පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධව සාකච්ඡා කිරීමේ අරමුණින් මෙලෙස හමුවී තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙහිදී වත්මන් රජය විසින් පාර්ලිමේන්තු සභාව තුළ විපක්ෂයට ලබාදෙන අවස්ථා සීමා කිරීමත්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන වරප්‍රසාද කඩ කිරීම් සම්බන්ධයෙන් කතානායකවරයා තවමත් සොයා නොබැලීමත් ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ නායකවරුන්ගේ අවධානය යොමුවී තිබෙනවා. 

ඉදිරි අයවැය ක්‍රියාවලිය තුළ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී සුවිශේෂී අවධානයක් යොමු වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)