යුක්‍රේන - රුසියානු යුද ගැටුම් සම්බන්ධ වූ සමුළුවකට ඇමරිකානු සහ රුසියානු ජනාධිපතිවරුන් එකඟ වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔවුන් දෙදෙනා අතර පැවති දුරකථන සංවාදයකදී එම එකඟතාවයට පැමිණි බවයි.
එය ඉතා ඵලදායි සාකච්ඡාවක් වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
එහිදී නායකයන් දෙදෙනා හංගේරියාවේදී මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමටද එකඟ වී තිබෙන බවයි වාර්තා වන්නේ.
නමුත් ඔවුන් දෙදෙනා හමුවන දිනයක් හෝ වේලාවක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ රුසියා - යුක්‍රේන යුද ගැටුම් අවසන් කිරීම එම සමුළුවේ අරමුණ බවයි.
(colombotimes.lk)