එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය අතර පවතින දුරස්ථභාවය නැතිකරමින් එකමුතුව ක්‍රියා කිරීම වෙනුවෙන් කැප වී සිටින බව එක්සත් ජාතික පක්ෂය විසින් විශේෂ නිවේදනය නිකුත් කරමින් සඳහන් කළා.
එම නිවේදනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවකට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බවයි.
එමනිසා බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීමේදී දේශපාලන පක්ෂවල අනන්‍යතාවය සහ ප්‍රතිපත්ති රැකෙන ලෙස කටයුතු කිරීම වැදගත් බව එම පක්ෂය පවසනවා.
(colombotimes.lk)