ලොව උසම කන්ද ලෙස හඳුන්වන එවරස්ට් සාර්ථකව තරණය කළ පළමු ගවේෂණ කණ්ඩායමේ අවසන් සාමාජිකයා වූ නේපාලයේ කාංචා ෂර්පා ඊයේ (16) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු පසුගිය දින කිහිපයේදී රෝගාතුරව සිටි බවයි.
ඔහු මිය යන විට 92 හැවිරිදි වියේ පසුවුණා.
එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සිං නෝර්ගේ නායකත්වයෙන් යුත් 35දෙනෙක්ගෙන් යුත් කණ්ඩායම 1953 වසරේදී ලොව පළමුවරට එවරස්ට් කඳු මුදුන සාර්ථකව තරණය කර තිබෙනවා.
(colombotimes.lk)