ලංකා විදුලිබල මණ්ඩලය තුළ සිටින අයගෙන් ආර්ථිකයට සිදුවන හානිදායක ක්‍රියා අවම කිරීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ප්‍රකාශ කළා.
එම සංගමයේ ලේකම් සංජීව ධම්මික කියා සිටියේ විදුලි ගාස්තුව 30% - 35% ත් අතර ප්‍රතිශතයකින් අඩු කළ හැකි බවයි.
ඒ ඊයේ (22) කොළඹ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
එමන්ම සේවකයන්ට අවශ්‍ය දීමනා සහ ප්‍රසාද ලබාදීම සඳහා ප්‍රමාණවත් මුදල් ලංකා විදුලිබල මණ්ඩලය සතුව තිබෙන බව පොදුජන ප්රගතිශීලි සේවක සංගමයේ ලේකම් උමේධ සෙනෙවිරත්න ප්‍රකාශ කළා.
(colombotimes.lk)