23 December 2024


Clean Sri Lanka ජනවාරි 01 වනදා සිට අරඹයි



Clean Sri Lanka වැඩසටහන එළඹෙන ජනවාරි මස 01 වනදා සිට ආරම්භ කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් සඳහන් කළේ පළාත් පාලන ආයතන 341ක් කේන්ද්‍ර කරගනිමින් වැඩසටහන ක්‍රියාවට නැංවෙන බවයි.

Clean Sri Lanka වැඩසටහන ක්‍රියාවට නැංවීමට ජනාධිපති කාර්ය සාධක බලකායක්ද අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් පසුගියදා ස්ථාපිත කළා.

ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක, යුධ හමුදාපතිවරයා, නාවික හමුදාපතිවරයා, ගුවන් හමුදාපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා කාර්ය සාධක බලකායේ සාමාජිකයන් ඇතුළු තවත් පිරිසක් එම ජනාධිපති කාර්ය සාධක බලකායට ඇතුළත්.

(colombotimes.lk)