23 December 2024


නොවැම්බර් මාසයේ සමස්ත අපනයන ආදායම ඉහළට



වෙළඳ භාණ්ඩ සහ සේවා යන ද්විත්වයම ඇතුළත්ව 2024 නොවැම්බර් මාසයේ සමස්ත අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 1,269.33ක් ලෙස වාර්තා වී තිබෙනවා.

එය 2023 වසරේ එම කාලයට සාපේක්ෂව 0.04%ක වර්ධනයක් බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්තවලට අනුව 2024 නොවැම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය එක්සත් ජනපද ඩොලර් මිලියන 943.1ක් වූ අතර එය 2023 නොවැම්බර් මාසයට සාපේක්ෂව 5.6%ක පහත වැටී තිබෙනවා.

(colombotimes.lk)