09 May 2025


ජපානයේ ප්‍රබල භූ කම්පනයක්



ජපානයේ ඉෂිකාවා කලාපයේ රිච්ටර් පරිමාණයේ ඒකක 6යි දශම 3ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හට ගෙන තිබෙනවා. 

10 Km ක් පොලොව අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය හට ගෙන ඇති බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරනවා. 
 
භූ කම්පනය හේතුවෙන් නගානෝ සහ කනසාවා අතර දුම්රිය ධාවනය ද අත්හිටුවා තිබෙන බව වාර්තා වනවා. 
 
නායයාමේ අවදානම් ද ඇතිවිය හැකි බවට එරට ආපදා අංශ දැනටමත් අනතුරු අගවා ඇතත්, සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර නොමැති බව විදෙස් වාර්තා සදහන් කළා.
(colombotime.lk)