21 May 2026

logo

අයිස් සමඟ කතක් කොටුවෙයි



අයිස් මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොච්චිකඩේ පළඟතුරේ ප්‍රදේශයේදීයි.  

කොච්චිකඩේ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී අදාළ සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා. 

පොලීසිය කියා සිටියේ වත්තල ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 340යි මිලිග්‍රෑම් 170ක් පොලිස් භාරයට ගත් බවයි. 

(colombotimes.lk)