colombotimes.lk
සිංහල | English

01 May 2024

සිතීමට පවා බිය පිටසක්වල සහ AI ගනුදෙනු ගැන හෙළිදරව්වක්



පිටසක්වල ජීවින් යනු පෘථිවිය හැර විශ්වයේ වෙනත් ස්ථානවල ජීවත් වෙතැයි සැළකෙන උපකල්පිත ජීවින් පිරිසකි. 

නමුත් මෙම උපකල්පනයේ අසත්‍යයක් නොමැති බව අප හොඳින් දන්නා කරුණක්. 
 
මේ සම්බන්ධයෙන් විද්වතුන් රැසක් විවිධ මත පළකර තිබෙනවා. 
 
ඉන් Harvard විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන Avi Loeb පිටසක්වල ජීවින් සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් සිදුකළා. 
 
Professor Avi Loeb believes aliens may make contact with AI systems and bypass humans
 
ඒ, පිටසක්වල ජීවින් පෘථිවිය සමඟ සම්බන්ධ වීමේදී ප්‍රථමයෙන් ගනුදෙනු කරන්නේ මිනිසුන් සමඟ නොවන බවටයි. 
 
ඒ අනුව ඔවුන් AI තාක්ෂණය එහෙමත් නැත්නම් කෘතීම බුද්ධිය සමඟ සම්බන්ධතා පවත්වන බව මහාචාර්යවරයා සඳහන් කළා. 
 
එමෙන්ම ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, පිටසක්වල ජීවින් කණ්ඩායම් වශයෙන් යානා වල නොපැමිණෙන බවයි. 
 
ඒ වෙනුවට ඔවුන් AI ඩ්‍රෝන් යානා පෘථිවියට එවනු ඇති බව ඔහු පවසනවා. 
 
Do You Speak Extraterrestrial?
 
එමෙන්ම පිටසක්වල ජීවින් AI සමඟ පවත්වන සම්බන්ධතා හේතුවෙන් ඔවුන්ට මිනිසුන් සූක්ෂම ලෙස මඟ හැරීමටද හැකි බව සඳහන්. 
 
එවැනි දෙයක් සිතීම පවා බිය ජනක බවයි මහාචාර්යවරයා පැවසුවේ. 
 
මෙහි භයානක පැතිකඩ වන්නේ පෘථිවියේ ඇති AI තාක්ෂණය, පිටසක්වල AI තාක්ෂණය සමඟ ඥාති සම්බන්ධතා පැවැත්වීමයි. 
 
Project Galileo: The search for alien tech in our Solar System | BBC  Science Focus Magazine
 
එහිදී සිදුවීම් දෙකක් විය හැකි බව ඔහු පෙන්වා දෙනවා. 
 
ඉන් පළමුවැන්න පිටසක්වල AI තාක්ෂණය, පෘථිවියේ AI තාක්ෂණය සමඟ ගනුදෙනු කර පෘථිවියට අවශ්‍ය ලෙස හැඩගැසීමයි. 
 
එහි දෙවැන්න පෘථිවියේ AI තාක්ෂණය, පිටසක්වල AI තාක්ෂණය සමඟ සම්බන්ධ වී සිදුවන වෙනස්කම් පිටසක්වල ලෝකයට අවශ්‍ය ලෙස සිදුවීමයි.
 
(Vimarshana Samarakoon @ COLOMBO TIMES)