ඇල්ල - වැල්ලවාය මාර්ගයේ රාවණාඇල්ල ආසන්නයේදී බස් රථයක් අද (04) රාත්‍රියේ ප්‍රපාතයකට පෙරළී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මෙම අනතුරින් තුවාල ලැබූ තිදෙනෙක් මුදවාගෙන රෝහල් ගත කර ඇති බවයි.
තංගල්ල නගර සභාවේ සේවකයන් පිරිසක් චාරිකාවක් යමින් සිටි බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
බදුල්ල රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කළේ තුවාලකරුවන් තවදුරටත් රෝහලට රැගෙන එමින් ඇති බවයි.
(colombotimes.lk)