20 January 2026

logo

නයිජීරියාවේ පුද්ගලයන් 60ක් ජීවිතක්ෂයට



උතුරුදිග නයිජීරියාවේ ගංගාවක මගී ප්‍රවාහන යාත්‍රාවක් පෙරළී යාමෙන් අනතුරක් සිදුවී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අනතුරින් පුද්ගලයන් 60දෙනෙක් මියගොස් ඇති බවයි. 

ගංගාවේ ගිලී තිබූ ගසක කොටසක ගැටී අනතුර සිදු වී තිබෙනවා.

ඒ වන විටත් යාත්‍රාවේ ධාරිතාව ඉක්මවා 100කට වැඩි මගීන් පිරිසක් එහි යාත්‍රා කරමින් සිට තිබෙන බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම අනතුරින් මියගිය පිරිස අතර ළමුන්ද සිටින බව එරට මාධ්‍ය වාර්තා කළා. 

එහිදී ගංගාවේ ගිලෙමින් සිටි කිහිපදෙනෙක් බේරා ගැනීමට බලධාරීන්ට හැකිවී තිබෙන අතර අනතුරින් අතුරුදන් වූ පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)