අකුරැස්ස - දෙනියාය ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය අද (06) සහ හෙට (07) දිනවලදී සීමා කරන බව පොලීසිය පවසනවා.
ඒ කොස්මෝදර, ගැටබරු මහා විහාරයේ ඇසළ පෙරහර හේතුවෙන්.
ඒ අනුව අද සහ හෙට රාත්‍රී 08.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 දක්වා මෙම මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමට නියමිතයි.
එම කාලය තුළ අකුරැස්ස - දෙනියාය ප්‍රධාන මාර්ගයේ කොස්මෝදර, ගැටබරු මහා විහාරයේ ඇසළ පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව අකුරැස්ස දෙස සිට දෙනියාය දෙසට ගමන් කිරීමේදී ගල්දොල හන්දියෙන් හරවා බෙන්ගමුව මාර්ගය හරහා කොස්මෝදර දෙසටත් දෙනියාය දෙස සිට අකුරැස්ස දෙසට ගමන් කිරීමේදී දියදාව ටී. ආර්. අයි. හන්දියෙන් හරවා කොරව මාර්ගයෙන් කොස්මෝදර මාර්ගයට පැමිණිය හැකි බවත් පොලීසිය සඳහන් කළා.