ඇමරිකානු රජය විදේශ සේවකයන් සඳහා දැඩි නීතී ක්‍රියාත්මක කරන බව ධවල මන්දිරය පවසනවා.
ධවල මන්දිර ප්‍රකාශිකා ඇබිගේල් ජැක්සන් සඳහන් කළේ ඕනෑම ව්‍යාපෘතියක් සඳහා ඇමරිකාවට එන විදේශීය සේවකයන් නීත්‍යානුකූලව නිසි අවසරයකින් යුතුව සිය රටට ඇතුළු විය යුතු බවයි.
ඇමරිකාවේ ජෝර්ජියාවේ හුන්ඩායි මෝටර් රථ කම්හලක සිදු කළ දැවැන්ත වැටලීමත් සමඟ එම නීති ක්‍රියාත්මක කිරීම දැඩි කර තිබෙනවා.
එහිදී නීති විරෝධී රැකියා සහ සංක්‍රමණ නීති උල්ලංඝණය හේතුවෙන් එහි සිටි කම්කරුවන් 475ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
ඉන් බොහෝ පිරිසක් දකුණු කොරියානුවන් බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ එය ඇමරිකාවේ එක් ස්ථානයක සිදු කළ දැවැන්තම වැටලීම් මෙහෙයුම වූ බවයි.
(colombotimes.lk)