24 February 2026

logo

බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අගමැති ධූරය ඩේවිඩ් ලැමීට



බ්‍රිතාන්‍යයේ නියෝජ්‍ය අගමැති ධූරයෙන් ඇන්ජෙලා රේනර් ඉල්ලා අස්වීමත් සමඟ ඇති වූ එම ධූරයේ පුරප්පාඩුවට ඩේවිඩ් ලැමී පත්කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු මෙතක් දරන අධිකරණ ලේකම් ධූරයට අමතරව නව නියෝජ්‍ය අගමැති ලෙස මෙම පත් කිරීම සිදුකර ඇති බවයි.

එක්සත් රාජධානියේ කැබිනට් මණ්ඩලය ප්‍රධාන සංශෝධනයකට යොමුවෙමින් පවතින අතර මේ වන විට ප්‍රධාන පත්වීම් සහ සේවයෙන් පහ කිරීම් කිහිපයක් සිදු කර තිබෙනවා.

(colombotimes.lk)