2025 වසරේ පළමු මාස 7 තුළදී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ආදායම පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 19.5%කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව 2024 වසරේ පළමු මාස 7 තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 3710.8ක් වූ විදේශ විනිමය ප්‍රේෂණ ආදායම මෙම වසරේ පළමු මාස 7 තුළදී ඇමෙරිකානු ඩොලර් මිලියන 4435.2ක් දක්වා වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර 2025 ජූලි මාසයේදී විදේශ නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2020 වසරේ දෙසැම්බර් මාසයෙන් පසුව වාර්තා වූ ඉහළම අගය වාර්තා කරමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 697ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
(COLOMBOTIMES.LK)