සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන T20 තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ හරාරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සිම්බාබ්වේ කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 80ක් පමණයි.
මෙය වාර්තා වුණේ T20 ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
එමෙන්ම සිම්බාබ්වේට එරෙහිව T20 තරගයක රැස් කළ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙසද මෙය වාර්තා අතරට එක්වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කාමිල් මිශාර ලකුණු 20, චරිත් අසලංක ලකුණු 18ක් සහ දසුන් ශානක ලකුණු 15ක් රැස් කළා.
අනෙක් කිසිදු පිතිකරුවෙක්ට මෙහිදී ලකුණු 10ක් හෝ ලබා ගැනීමට නොහැකි වුණා.
ඒ අනුව මෙම තරගය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම හිමි වන ඉලක්කයක ලකුණු 81ක්.