04 February 2025


වැඩබලන මුදල් අමාත්‍ය ධූරය ශෙහාන් සේමසිංහට



වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පත් කර තිබෙනවා .

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිල සංචාරයක් සදහා විදෙස් ගතවීම හේතුවෙන්, එම කාලසීමාව තුළ මුදල් අමාත්‍ය ධුරයේ රාජකාරී ඉටු කිරීම සඳහා මෙම පත් කිරීම සිදු ඇති බවයි වාර්තා වන්නේ.

ඊට අදාළ අක්ත පත්‍රය ජනාධිපතිවරයා විසින් ඊයේ (03) රාජ්‍ය අමාත්‍යවරයා වෙත නිල වශයෙන් ලබා දී තිබුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 50 වැනි ව්‍යවස්ථාවෙන් ගරු ජනාධිපතිවරයාවෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කොට තිබෙනවා.

ඒ අනුව, ජනාධිපතිවරයාගේ විදේශීය සංචාරයෙන් පසුව දිවයිනට පැමිණෙන තෙක්, අද (04) දින සිට ක්‍රියාත්මක වන පරිදි මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ධූරයේ වැඩ බැලීම, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ විසින් සිදු කරනු ලබයි.
(colombotimes.lk)