03 February 2025


පැනමා ඇළ සම්බන්ධ ගිවිසුම ගැන දැනුම්දීමක්



පැනමා ඇළ සම්බන්ධයෙන් පැනමාව හා චීනය අතර ඇති ගිවිසුම නැවත අලුත් නොකරන බව පැනමා ජනපති පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඇමරිකාවේ ලේකම් පැනමා ඇළේ සංචාරයක නිරත වන අවස්ථාවකදීයි.
 
එමෙන්ම පැනමාවේ ස්වෛරීත්වය විවාදයට ලක් නොවිය යුතු බවද ඔහු ප්‍රකාශ කළා.

සේද මාවත, එක් තීරයක් - එක් මාවතක් යන ව්‍යාපෘතිය වෙනුවෙන් 2017දී චීනය සමඟ එළඹී අවබෝධතා ගිවිසුම තමන්ගේ රජය විසින් නැවත අලුත් නොකරන බව ජනපති රාවුල් මුලිනෝ ප්‍රකාශ කළා.

(colombotimes.lk)