03 February 2025


ඇමරිකාවේ ගුවන්යානයක් ගිනි ගනියි



ඇමරිකාවේ united airlines සමාගමට අයත් මගීන් ප්‍රවාහන ගුවන්යානයක එන්ජිමක් ගිනි ගැනීමකට ලක්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුර හූස්ටන් ගුවන්තොටුපළෙන් ගුවන් ගත කිරීමට මොහොතකට පෙර සිදුවී ඇති බවයි.

ගින්න ඇතිවන අවස්ථාවේ යානයේ පුද්ගලයන් 108ක් සිට තිබෙනවා.

ඔවුන් සියලුදෙනා කඩිනමින් ඉවත් කර ගින්න පැතිරීම වැළැක්වීමට එරට බලධාරීන්ට හැකි වී තිබෙනවා.

(colombotimes.lk)