පුනරුද යුගය සඳහා වන සාමූහික ඇරඹුමට එක්වන ලෙස මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවට ආරාධනා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ දූෂිත දේශපාලන තන්ත්‍රයේ දහසක් අවලාද හා බාධාකිරීම් මැද මෙරට පොදු මහජනතාව එක්ව ගොඩනැගූ ජනතා රජය ක්‍රමානුකූලව ඉදිරියට යමින් සිටින බවයි.
77 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළා.
එමෙන්ම මග හැරුණු පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් යළි ගොඩනගා ගැනීමේ අභියෝගය සමඟ මෙරට සියලුදෙනා සාමූහිකව පොරබදිමින් සිටින බව එම පණිවිඩයේ සඳහන්.
(colombotimes.lk)