07 January 2026

logo

නාමල් සමඟ ගමින් ගමට වැඩසටහන අද සිට



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කරන 'නාමල් සමඟ ගමින් ගමට' වැඩසටහන අද (02) සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

එම පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් සඳහන් කළේ අද දහවල් 2.00ට නොච්චියාගම ප්‍රදේශයේදී මෙහි පළමු වැඩසටහන සිදු කිරීමට නියමිත බවයි.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)