පවතින පොල් හිඟය හේතුවෙන් පොල් මද ආනයනය කිරීමට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ඉශාන්ත රණතුංග පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා සහ කර්මාන්ත අමාත්‍යවරයා එක්ව ඒකාබද්ධ පත්‍රිකාවක් ලෙස කැබිනට් මණ්ඩලයට එම යෝජනාව ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි.
පොල්ගෙඩි මිලියන 200කට අදාළ වන පොල් ප්‍රමාණයක් පොල්කිරි, පිටි සහ ශීතකළ පොල් මද යන කාණ්ඩ 03 යටතේ ප්‍රති අපනයනය සඳහා පමණක් ආනයනය කිරීමට අවසර දෙන ලෙස කැබිනට් පත්‍රිකාව මඟින් ඉල්ලා තිබෙනවා.
(colombotimes.lk)