01 February 2025


රටවල් 03කට තීරුබදු පැනවීමට ට්‍රම්ප් සැරසෙයි



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් මෙක්සිකෝවට හා කැනඩාවට 25% බැගින් ද චීනයට 10%ක් වශයෙන් තීරු බදු පනවන බව පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ කැනේඩියානු තෙල් සඳහා 10%ක අඩු තීරු බද්දක් පැනවීමක් සිදු වන බවයි.

ඒ අනුව එය පෙබවාරි 18වනදා සිට ක්‍රියාත්මක විය හැකි බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මීට අමතරව අනාගතයේදී යුරෝපීය සංගමයටද තීරු බදු පැනවීමට ඔහු සැලසුම් කර ඇති බවයි.

පසුගිය වසරේ ඇමරිකාවට ආනයනය කරන ලද භාණ්ඩවලින් 40%ක් චීනය, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල්වලින් ආනයනය කර තිබෙනවා.

එහෙත් 2018 වසරේ සිට චීනයෙන් ඇමරිකාවට භාණ්ඩ ආනයනය කිරීම අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස නව ඉහළ බදු පැනවීම ප්‍රධාන වෙළඳ යුද්ධයක ආරම්භයක් බවත් ඇමරිකාවේ භාණ්ඩ මිල ගණන් ඉහළයාමට ඉඩක් ඇති බවත් ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවා තිබෙනවා.

(colombotimes.lk)