01 July 2025

logo

මහින්දගේ නිල නිවස ගැන පොහොට්ටුවෙන් තීරණයක් ගනියි



රජය විසින් නිල වශයෙන් දැනුම්දීමක් සිදු කළ පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය නිල නිවසෙන් ඉවත්වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කළා.

ඒ අද (03) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ එම නිල නිවස මහින්ද රාජපක්ෂ වෙත යහපාලන ආණ්ඩුව විසින් නිල වශයෙන් ලබාදී ඇති බැවින් ඉන් ඉවත්වීමට අවශ්‍ය නම් නිල දැනුම්දීමක් සිදු කළ යුතු බවයි.

(colombotimes.lk)