ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන් ප්‍රාන්තයේ ගංවතුර තත්ත්වය මේ වන විට උග්‍ර තත්ත්වයකට පත් වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් එරට ප්‍රධාන අධිවේගී මාර්ගයක් අවහිර වී ඇති බවයි.
එමෙන්ම උතුරු ප්‍රාන්තයේ පවතින අධික වර්ෂාව හේතුවෙන් පුද්ගලයන් දහස් ගණනකට සිය නිවාසද අහිමි වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ වේලි සහ ගංගා පිටාර ගැලීමේ මට්ටමට පැමිණ ඇති බවයි.
මේ අතර දරුණු ලෙස හානියට පත් නගර කිහිපයකට ගලවා ගැනීමේ කණ්ඩායම්ද යෙදවීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
(colombotimes.lk)