ඇමරිකාවේ - පෙන්සිල්වේනියාවේදී පුද්ගලයන් 06 දෙනෙක් ගමන් ගත් පුද්ගලික ජෙට් යානයක් අනතුරට ලක්වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහි රෝගීන් දෙදෙනෙක් වෛද්‍යවරුන් දෙදෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් සිට ඇති බවයි.
කෙසේ වෙතත් මෙම අනතුරින් සිදු වූ ජීවිත හානි පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ අයහපත් කාලගුණය හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවයි.
මෙම ජෙට් යානය සාප්පු සංකීර්ණයක් අසල කඩා වැටී ඇති අතර ඒ අවට නිවාස කිහිපයක්ද විනාශ වී තිබෙනවා.
(colombotimes.lk)