10 May 2025


ඇෆ්ගන් - ශ්‍රී ලංකා පළමු එක්දින සටන අද



ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද (9) පැවැත්වෙනවා.

තරගය අද පස්වරු 2.30ට මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කළා.
(colombotimes.lk)