තරග තුනකින් සමන්විත ඇෆ්ගනිස්ථාන සහ ශ්‍රී ලංකා එක්දින තරගාවලිය ඊයේ (09) මහනුවර - පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.
එහිදී කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.
ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 381ක් රැස් කිරීමට සමත් වුණා.
තරගයේ පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ඇෆ්ගන් කණ්ඩායමට පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 339ක් පමණයි.