09 June 2025


කෘෂිකර්ම ඇමති බුත්තල ධාන්‍ය ගබඩාවට



කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පසුගියදා බුත්තල පිහිටි රජයේ ධාන්‍ය ගබඩාව නිරීක්ෂණය කර තිබෙනවා. 

එම ගබඩාවේ කොපමණ ධාන්‍ය ප්‍රමාණයක් එක් රැස් කර තිබෙනවාද යන්න සහ එසේ එක් රැස් කර තිබීමෙන් රටේ සහල් ගැටලුවක් නිර්මාණය වීමට තිබෙන ඉඩකඩ පිළිබඳව ගබඩා භාරව ක්‍රියා කරන නිලධාරීන් සමඟ සාකච්ඡාවක් සිදු කළා. 

නිසි ක්‍රමවේදයකින් ආයතනය පවත්වාගෙන යාමට මෙන්ම එහි නඩත්තු කටයුතු ක්‍රමවත්ම පවත්වාගෙන යාමට රජයේ මැදිහත්වීම ඉදිරියට ලැබෙන බවද එහිදී අමාත්‍යවරයා කියා සිටියා. 

 
(colombotimes.lk)