02 July 2025

logo

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබැලීමට අතිරේක ලේකම්වරයෙක්



බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබැලීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නිෂාන් ධනසිංහ පත් කර තිබෙනවා. 

ඒ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය අනිවාර්ය නිවාඩු යැවීමට කැබිනට් මණ්ඩලය තීරණය කිරීම හේතුවෙන්. 

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙක්ට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව විමර්ශන අපක්ෂපාතිව සිදුකිරීමේ අරමුණින් කැබිනට් මණ්ඩලය මෙම තීරණය ගෙන තිබෙනවා. 

 
(colombotimes.lk)