06 July 2025

logo

මැයි මාසයේදී ඩොලර් මිලියන 164ක අදායමක්



සංචාරක කර්මාන්තය මඟින් 2025 මැයි මාසයේදී ඩොලර් මිලියන 164.1ක ආදායමක් ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා. 

එය පසුගිය වසරේ මැයි මාසයට සාපේක්ෂව 6.6%ක වැඩිවීමක් බවයි වාර්තා වන්නේ. 

පසුගිය වසරේ මැයි මාසයේදී සංචාරක කර්මාන්තය මඟින් ඩොලර් මිලියන 154ක ආදායමක් උපයා තිබෙනවා. 

රජය මේ වසරේ අවසානයේ සංචාරක ව්‍යාපාරයෙන් ඉපැයීමට අපේක්ෂා කර ඇති ආදායම ඩොලර් බිලියන 5ක්. 
 
(colombotimes.lk)