පසුගිය ජනපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයන්ට ගුවන් ප්රවාහන සේවා සැපයීමෙන් ශ්රී ලංකා ගුවන් හමුදාව මිලියන 56ක මුදලක් උපයා තිබෙනවා.
ඒ එම මැතිවරණයේ නාමයෝජනා භාරදීමේ දින සිට එහි මැතිවරණ ප්රචාරක කටයුතු අවසන් කිරීම දක්වා වන දින 34ක කාල සීමාව තුළදීයි.
කෙසේ වෙතත් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය ප්රචාරක කටයුතු අතරතුර කිසිදු ගුවන් හමුදා ගුවන් යානයක් භාවිත කර නොමැති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)