26 December 2024


අස්වැසුමට අයදුම් කිරීමට අද සිට අතිරේක සහන කාලයක්



අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට අයදුම්පත් ලබාදීමට අද (25) සිට අතිරේක සහන කාලයක් ලබාදීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එම මණ්ඩලය සඳහන් කළේ එය ලබන මස 02 වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි.

එමෙන්ම අස්වැසුම පළමු වටයේ ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී අගතියට පත්වූ පිරිස සඳහා දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමටද අවස්ථාව ලබාදෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කළා.
 
මීට අමතරව පළමු අදියරට අයදුම් කළ පුද්ගලයන්ට ගැටලු හෝ දුක් ගැනවිලි ඇත්නම් එයද ඊට අදාළ අයදුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ වෙබ් අඩවියෙන් ලබාගෙන සම්පූර්ණ කර ප්‍රාදේශීය ලේකම් කාර්යලයට භාරදිය යුතුයි.

ඒ සඳහා ලබාදී ඇති කාලය අද (25) සිට ලබන මස 15 වනදා දක්වා ක්‍රියාත්මක වනවා.

(colombotimes.lk)