19 April 2025


මහනුවරට ගුවන් නිරීක්ෂණයක්



සිරි දළදා ප්‍රදර්ශනය වන්දනා කිරීමට මහනුවරට පැමිණ සිටින ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දසදහසකට ආසන්න සංඛ්‍යාවක් යොදවා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග සඳහන් කළේ ඊට අමතරව ගුවන් හමුදාව මඟින් ගුවන් නිරීක්ෂණ කටයුතු ක්‍රියාත්මක කර ඇති බවයි.
 
මේ අතර පොලිස් බුද්ධි අංශ නිලධාරීන් දහසක් පමණ මහනුවරට යොදවා තිබෙන බවද වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)