මුළු දිවයිනම ආවරණය වන පරිදි ජනවාරි 12වනදා සිට මේ දක්වා සිදු කළ විශේෂ මෙහෙයුමකින් අපරාධ සම්බන්ධයෙන් සෘජුව හඳුනාගත් පුද්ගලයන් 5,414 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ සැකපිට පුද්ගලයන් 129,448දෙනෙක් හා වරෙන්තුකරුවන් 56,365දෙනෙක් ද අත්අඩංගුවට ගත් බවයි.
එහිදී සමස්තයක් ලෙස පුද්ගලයන් 6,127,138දෙනෙක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
මෙම මෙහෙයුම් හරහා ජනවාරි 01වනදා සිට මේ දක්වා ටී 56 ගිනිඅවි 67ක්, පිස්තෝල වර්ගයේ ගිනිඅවි 73ක්, රිවෝල්වර් 50ක් හා වෙනත් අවි 1,907ක් ඇතුළුව ගිනිඅවි 2,097ක් පොලීසිය සිය භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
