අනුරාධපුරය සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ ගින්නක් හටගෙන තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ දුම්රියේ එන්ජිමේ ගින්න හටගෙන තිබෙන බවයි.
එලෙස ගිනි ගැනීමට ලක් වූ දුම්රිය යළි අනුරාධපුර දුම්රිය ස්ථානය වෙත රැගෙන ගොස් වෙනත් එන්ජිමක් සවි කිරීමට පියවර ගෙන තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.
අද උදෑසන 5.00ට අනුරාධපුරයෙන් පිටත් වීමට නියමිතව තිබූ රජරට රැජින දුම්රියේ මෙම ගින්න හටගෙන තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ හේතුවෙන් එම දුම්රිය පැය 2කට අධික කාලයක් ප්‍රමාද වූ අතර පෙරවරු 7.30 පමණ යළි බෙලිඅත්ත බලා ධාවනය වූ බවයි.
(colombotimes.lk)
