23 October 2025

logo

මෙක්සිකෝවේ ගංවතුරෙන් මිය ගිය ගණන ඉහළට



මෙක්සිකෝවට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ හටගත් ගංවතුරෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 78දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අතුරුදන් වූ පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බවයි. 

අයහපත් කාලගුණයෙන් එරට ප්‍රාන්ත 5කට බලපෑම් එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයන් දහස් ගණනක් පීඩාවට පත්ව ඇති බවයි. 

කෙසේවෙතත් බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීම සහ හානියට පත් ගොඩනැගිලි යළි ඉදි කිරීම ඇතුළු කටයුතු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 580ක සහන පැකේජයක් මෙක්සිකානු රජය විසින් අනුමත කර තිබෙනවා. 

(colombotimes.lk)