පලස්තීනයේ බටහිර ඉවුර ඊශ්‍රායලය වෙත ඈඳා ගැනීම සම්බන්ධයෙන් ඊයේ (23) එරට පාර්ලිමේන්තුවේදී සම්මත වූ මූලික කෙටුම්පත මඟින් තමන්ට යම් අපහාසයක් සිදු වූ බවට ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී.වෑන්ස් චෝදනා කර තිබෙනවා.
ඔහු මේ බව කියා සිටියේ සිය ඊශ්‍රායල නිල සංචාරය අතරතුර එම කෙටුම්පත සම්මත වීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළකරමින්.
බටහිර ඉවුර කිසිසේත් ඊශ්‍රායලයට ඈඳා ගැනීමට ඇමරිකාව ඉඩ ලබා නොදෙන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා අවධාරණය කළා.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ එවැනි පසුබිමක මෙවන් සිදුවීමක් වාර්තා වීම ද විශේෂත්වයක් බවයි.
(colombotimes.lk)
