තමා වෙඩි තබා ඝාතනය කරන බවට තොරතුරු ලැබී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ප්‍රකාශ කළා.
ඒ ඊයේ (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින්.
මන්ත්‍රීවරයා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස පොලිස්පතිවරයා විසින් කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරිය වෙත ලිඛිත දැනුම්දීමක් ද සිදුකර ඇති බවයි.
අදාළ ලිපිය පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ද ජගත් විතාන මන්ත්‍රීවරයා පියවර ගෙන තිබෙනවා.
නියෝජ්‍ය කථානායක රිස්වි සාලි එහිදී කියා සිටියේ මේ පිළිබඳ කථානායකවරයාගේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බවයි.
මෙය බරපතළ තත්ත්වයක් බැවින් මේ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියා.
(colombotimes.lk)
