මිනුවන්ගොඩ පොලිස් වසමේ අඹගහවත්ත ප්‍රදේශයේදී T-56 පතරොම් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමකට ඊයේ (24 ) සවස ලද තොරතුරකට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
එහිදී T-56 ජීව පතරොම් 08ක් හා පුහුණු පතරොම් 15ක් සොයාගත් බව පොලීසිය සඳහන් කළා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 53ක් වන මිනුවන්ගොඩ, අඹගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)
