දෙහිඅත්තකණ්ඩිය, පරගස්වැවේ දිය නෑමට ගිය පුද්ගලයෙක් දියේ ගිලී මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවා මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙක් බවයි වාර්තා වන්නේ.
ඔහු වයස අවුරුදු 29ක් වූ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය සඳහන් කළා.
මියගිය කොස්තාපල්වරයා මිතුරන් කිහිපදෙනෙක් සමඟ ඊයේ (12) සවස් කාලයේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස දියේ ගිලී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)