මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය අද (13) පවත්වා තිබෙනවා.
සෑම වසරකදීම මාළිගාව සතු නින්දගම්වලින් ලැබෙන අස්වැන්නේ පළමු කොටස දුරුතු පුන් පොහෝ දින ශ්‍රී දළදා සමිඳුන් වෙත පූජා කිරීම මෙහිදී සිදු කරන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මාළිගාවේ දියවඩන නිළමේ තේවාව භාර නාහිමියන් සහ මාළිගාවේ කාර්ය මණ්ඩලය එක්ව චාරිත්‍රානුකූලව අලුත් සහල් මංගල්‍යය පවත්වා තිබෙනවා.
ශ්‍රී දළදා මාළිගාවේ වී අටුව පල්ලෙකැලේ ප්‍රදේශයේ ඉදිකර තිබූ බවයි වාර්තා වන්නේ.
මෙම අවස්ථාවට දළදා සමිඳුන්ගේ තේවාව භාර පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත හිමි සහ දළදා මාළිගාවේ දියවඩන නිළමේ ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා.
(colombotimes.lk)