14 January 2025


ලාංකික ඇස්වලින් විදේශිකයන් රැසක් ලොව දකියි



පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 7,144දෙනෙක් ඇස් දන්දී තිබෙන බව ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය ප්‍රකාශ කළා.

අක්ෂිදාන සංගමයේ සභාපති සම්පත් ද සිල්වා සඳහන් කළේ එමඟින් යේමනය, ඊජිප්තුව, කෙන්යාව සහ ජපානය ඇතුළු විදෙස් රටවල් 57ක දෘෂ්‍යාබාධිත පුද්ගලයන් 3,163දෙනෙක්ට ඇස් පරිත්‍යාග කර ඇති බවයි.

එමෙන්ම දේශීය පුද්ගලයන් 1,475දෙනෙක්ට ඇස් පරිත්‍යාග කිරීමට හැකි වී තිබෙන බවද ඔහු ප්‍රකාශ කළා.

සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ එක ඇසක් සංරක්ෂණය කිරීම සඳහා රුපියල් 25,000ක මුදලක් වැය වන බවයි.

(colombotimes.lk)